The Buddhist Radio

Native Flashradio V4

Please wait for 10-20 seconds to Load.

The Buddhist Radio

A new sensation and Heart of Sri Lanka “The Buddhist Radio” makes your day memorable with its vast variety of songs. Infuses energy for your workday and relax your mind and soul when you want it that way. Listen to the wonderful melodious songs of your choice all day long. “The Buddhist Radio” is fully customized internet radio station which provided you with 100% satisfaction.

නිවන් මඟ රුවන්දොර විවර කර දීමට සුවහසක් බෞද්ධ ශ්‍රාවකයන් වෙනුවෙන් බෞද්ධයා ගුවන්විදුලිය ගුවනට මුසුව 2016 වෙසක් මහේ 15 වැනිදාට වසර 5කි. මේ ඒ පිළිබඳව එහි වැඩසටහන් අධ්‍යක්‍ෂ සහන් වනිගරත්න සමග කෙරුණු පුනරාවලොකන සංකල්පයකි.

බෞද්ධයා ගුවන්විදුලියේ ආරම්භය සඳහන් කළොත් ?
බෞද්ධ මාධ්‍ය ජාලය යටතේ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති බෞද්ධයා මධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ අපවත් වී වදාල ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත උඩුගම සද්ධර්ම කිර්ති ශ්‍රී ධම්මදසසි රතනපාල බුද්ධ රක්ඛිතාභිධාන මහානායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2011 මැයි 15 වනදා තමයි බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව ආරම්භ කෙරුනේ.
මුල් කාලයේදී ඒ කියන්නේ 2011 වසරේ ආරම්භක අවධියේදී බෞද්ධයා රූපවාහිනීයේ වැඩසටහන් පමණයි සමගාමීව විකාශය කෙරුණේ. අද වෙනකොට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දිනකට ධර්ම දේශනා පහක් ප්‍රචාරය කරනවා.

2012 වර්ෂයේදී බාහිර පටිගත කිරීමුත් ආරම්භ කෙරුවා. පැය 24 මුළුල්ලේම සද්ධර්මය ගුවනට මුසුවන බෞද්ධයා ගුවන්විදුලිය ආරම්භයේදී ගුවනට මුසුවන්නේ FM 104.5 , 95.5, 99 යන තරංග සංඛ්‍යාත ඔස්සේ. 2012 නොවැම්බර් 1 වනදා පටන් මුළු දිවයිනේම තරංග සංඛ්‍යාත ප්‍රතිසංවිධානය කලාට පසු අද වන විට ගුවනට මුසුවන්නේ FM 101.3 න් හා 101.5 ඔස්සේයි.
ආරම්භයේ ඉදන්ම අපේ ගුවන්විදුලි නාලිකාවේ හොඳ වධනයක් තිබුණා. අපට පුළුවන් වුනා 2013 වසරේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්තානයේදී පුජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි පුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන්ගේ මුලුකත්වෙයෙන් මහනුවර කාර්යාලය ආරම්භ කරන්න.
මෙතක් අප ආ ගමනේදී අපේ ගුවන්විදුලි නාලිකාවේ එකමුතු සාමාජිකත්වය ලෙස කේ. එම් ආරියසිරි, චමිල් රත්නායක, යසිත් වික්‍රමරත්න, දමින්ද තිසේරා, කසුන් සමීර, දමිත් මධුශංක, දිනේෂ් කුමාර, මධුරංග වීරසිංහ හා අචින්ත සමරකෝන් යන සහුදයන් අපට ශක්තියක් වුනා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ජයන්ත රත්නායක මහතා සහ බෞද්ධයා නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂ ශෂික ජයතිලක මහත්මා ඒ විතරක් නෙවේ මුළු බෞද්ධයා මාධ්‍ය ජාලයේම සොහොයුරු සොහොයුරියන් නිතරම වචනයෙන්කින් හරි අපිට දිරිදුන්නා. ඒ ශක්තිය තමයි අපව මෙතෙක් දුර ගෙනාවේ.

Contact:
The Buddhist TV
Sri Sambodhi Viharaya,
R.G. Senanayake Mawatha
(Old Gregory Road),
Colombo 07,
Sri Lanka.

Phone:
+94 11 7 215 288 – (TV)
+94 11 4 374 693 – (Radio)
+94 11 4 343 610 – (News)
+94 11 2 689 307 – (CD Section)
+94 11 4 942 607 – (Charity)
+94 11 4 327 518 – (Digital Printing)

Fax:
+94 11 2 689 308 – (TV-Radio)
+94 11 2 689 306 – (News)

Email: [email protected]
Gmail: [email protected]

The Buddhist Radio

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll to top